ලංකාවේ සමුපකාර ව්‍යාපාරයට කීර්තිමත් ඉතිහාසයක් තිබුණි. එහෙත් 70 දශකයෙන් පසු සමුපකාරයට “ඌරු මීයන්” රිංගුවේය. ඒ ඒ දේශපාලන පක්ෂවල ප්‍රවර්ධන කාර්යාල බවට සමුපකාරය පත්විය. ඔවුන් සමුපකාරය පෞද්ගලික දේපළක් බවට පත් කර ගත්තේය. ඉඩකඩම්, ගොඩනැගිලි අවසතු කලේය. සමුපකාරය හොරුන්ගේ තිප්පලක් විය. සමුපකාර ග්‍රාමීය බැංකු අයථා ලෙස සමිති නිළධාරීන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට ණය දෙන බැංකු බවට පත්විය. කල්පසු ණය කෝට් ගණනක් සෑම ග්‍රාමීය බැංකුවකම එකතු වී ඇත. පාරිභෝගික අංශය අති විශාල පාඩු ලබන තත්වයට පත්වී ඇත. ප්‍රාදේශීක බොහෝමයක් වසා දමා ඇත. “කුණු” බඩු විකුණන කඩ බවට සමුපකාරය ප්‍රසිද්ධ විය. සමුපකාරය හා “කළු කඩය” අතර වෙනසක් නොවීය. පාරිභෝගිකයා සමුපකාරයෙන් ඈත් විය. කාගිල්ස්, කීල්ස්, ලාෆ් සුපිරි වෙළඳසැල් වෙත පාරිභෝගිකයා ආකර්ශනය විය.
පන අදිමින් තිබුණු සමුපකාර සමිති 28ක් පමණ මේ වනවිට නව ජීවයක් ලබා ඇත. රටේ තිබෙන 305ක් වූ විවිධ සේවා සමුපකාර සමිති අතුරින් සමිති 28ක සාමාජිකයන් නිවැරැදි තීරණයක් ගෙන ඒවායේ බලය ජාතික ජන බලවේගය නියෝජනය කළ අධ්යක්ෂ මණ්ඩලවලට ලබා දී ඇත. රටේ සමුපකාර සියල්ලේම පාලනය ජාතික ජන බලවේගයට ලබා දෙයි නම් ඒවා හරහා ලංකාවේ ආර්ථික ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවිය හැක. සමාජ අසහනය අවම කළ හැක. ගොවියාගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක් වගේම පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ අඩුම මිලකට ලබා දීමට හැකියාව ඇත.
මෑතක සිට සමුපකාරය පිළිබඳ සමාජයේ සැලකිය යුතු කතා බහක් ඇති වී ඇත. එයට ප්‍රධාන හේතුව ජාතික ජන බලවේගය නියෝජනය කරන අධ්යක්ෂ මණ්ඩල විසින් විවිධ සේවා සමුපකාර සමිති කිහිපයක පාලන බලය ලබා ගැනීමත් සමගය. ලංකාවේ විවිධ සේවා සමුපකාර සමිති (MPCS) 305න් දැනට නිළවරණ පවත්වා ඇත්තේ සමිති 32ක පමණි. ඉන් සමිති 28ක බලය ජාතික ජන බල වේගයට (NPP) හිමි වී ඇත. ඉතිරි සමිති 04ක බලය අනෙකුත් දේශපාලන පක්ෂ සියල්ල එකතු වී (සජබ, එජාප, පොහොට්ටු හා අනෙකුත්) සකස් කරගත් සංධානයකින් බහුතරය සකසා ගෙන අධ්යක්ෂ මණ්ඩල පිහිටුවා ගෙන ඇත. එම සමිතිවලද තනි කණ්ඩායමක් හැටියට NPP සතුව වැඩ් නියෝජිතයන් පිරිසක් සිටී. ආණ්ඩු කාරයන්ගේ බලපෑම හේතුවෙන් පළාත් සමුපකාර කොමසාරිස් වරුන් විසින් අනෙකුත් සමිති 270ක පමණ නිළවරණ දින නියමයක් නැතිව කල් දමා ඇත. එයට හේතුව සියළු සමිතිවල බලය ජාතික ජන බලවේගයට යෑමට ඉඩ ඇති නිසා විය හැක.
ජාතික ජන බලවේගය බලය ලබාගෙන තිබෙන සමුපකාර සමිති සියල්ල ඒකාබද්ධ වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටිති. ඒ අතර පළමු වටයේදී සමිති සියල්ල එකතු වී අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයන කරුවන්ගෙන් සෘජුව මිල දී ගැනීම් වලට යෑමට (Direct buying from importers) අදහස් කරති. සමිති 28ම එකවර විශාල තොගයක් අත්පිට මුදලට මිල දී ගැනීමේදී ඉහළ වට්ටම් ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වන අතර අතරමැදියන් ගෙන් තොරව භාණ්ඩ සපයා ගත හැක. එහි වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පිළිවන. 2025 වසරේදි පමණ සමුපකාරය අත්‍යවශ්‍ය භාණ්ඩ විදේශ රටවලින් සෘජුව ආනයනය කොට බෙදා හරින තත්වයට පත්වීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා “මාක්ෆෙඩ්” වැනි ආයතනයක් ප්‍රතිසංවිධානය කොට ආනයන කටයුතු සඳහා යොදා ගත හැක.
සමුපකාර සමිති නිෂ්පාදනය කරන භාණ්ඩ අනෙකුත් සමිති අතර අලෙවි කිරීම තවත් ඒකාබද්ධ වැඩ පිළිවෙළකි. උදාහරණයක් හැටියට මොරවක් කෝරළේ තේ සමුපකාර සමිතිය සහ අකුරැස්ස සමුපකාරය ඔවුන්ගේ තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදිත තේ කොළ “Coop Tea” අනෙකුත් සමුපකාරවලට අලෙවි කිරීමට බලාපොරොත්තු වේ. මැදිරිගිරිය සහ කොබෙයිගනේ සමුපකාර නිෂ්පාදනය කරන සහල් “කෝප් සහල්” නමින් අනෙකුත් සමිතිවලට අලෙවි කිරීමට අවශ්‍ය කටයුතු සැකසෙමින් ඇත. මැදිරිගිරිය සහ පළුගස්දමන සමුපකාර සතු ධාන්‍ය පිටි කර්මාන්ත ශාලා හරහා නිෂ්පාදිත පැකට් කල සහල්, මුං සහ අනෙකුත් පිටි වර්ග සමුපකාර ජාලයට සැපැයීමට බලාපොරොත්තු වේ. මෙවැනි වැඩසටහන් රාශියක් 2024 සිට ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වන අතර මේ හරහා සමුපකාරය නැවත නගා සිටුවීමට ජාතික ජන බලවේගය නියෝජනය කරන අධ්යක්ෂ මණ්ඩල බලාපොරොත්තු වේ.
මැදිරිගිරිය සමුපකාර සමිතියේ සම්පූර්ණ අධ්යක්ෂ මණ්ඩලය සමන්විත වන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරන්නාවු සාමාජිකයන් ගෙනි. ඔවුන් 2024 සඳහා සැලසුම් කොට ඇති විවිධ ව්‍යාපෘති රාශියකින් කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබගේ දැනගැනීම සඳහා පහත සටහන් කොට ඇත.
ONE STOP COOP (එක් නැවතුම් සමූපයක්)
සියළු කෘෂි උපකරණ, යෙදවුම්, බීජ හා තාක්ෂණය එකම වහලක් යටදී සැපැයීමට (One Stop Shop) සුවිසල් අලෙවි සැලක් 2024 වසරේ ආරම්භ කිරීමට කටයුතු සැකසෙමින් ඇත. ට්‍රැක්ටර්, ගොයම් කැපීමේ සහ පැල සිටුවීමේ යන්ත්‍ර, කැත්ත, උදැල්ල, නගුල, යනාදිය පමණක් නොව පොහොර සහ කෘමිනාශක ඉසීම සඳහා යොදා ගන්නා ඩ්‍රෝන යානා පවා සැපැයීමට මෙම වෙළඳ සැළ කටයුතු කරයි. ඊට අමතරව විදුලි යතුරු පැදි, විදුලි ත්‍රීවීලර්, කෘෂි යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සාධාරණ මිලකට ගොවි සමිතිවලට ලබා ගැනීමට පහසුකම්ද මෙහි ඇති කෙරේ. ඊට අමතරව ඉතා අඩු කුලියකට ඉහත යන්ත්‍ර සූත්‍ර සේවා ගොවියාට ලබා දීමටත් මැදිරිගිරිය සමිතිය බලාපොරොත්තු වෙයි. කිසියම් ගොවි සමිතියකට යන්ත්‍ර මිල දී ගැනීමට මූල්‍ය පහසුකම් අවශ්‍ය වන අවස්ථාවල සමුපකාර ග්‍රාමීය බැංකුව අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වෙයි. රක්ෂණ කටයුතු සහ අලෙවියෙන් පසු සේවා ලබා දීමටත් සමුපකාර සමිතිය බලාපොරොත්තු වේ.
මැදිරිගිරිය COOP සහල්
මැදිරිගිරිය සමුපකාරය නවීන සහල් සැකසුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සැකසෙමින් ඇත. වසා දමා ඇති අලුත්ම තත්වයේ ඇති වී ඇඹරුම් මධ්‍යස්ථානයක් කුලී පදනම මත සමුපකාර සමිතියට ලබා ගැනීමට කටයුතු කරමින් සිටී. ලබන වසරේ අස්වනු නෙලීමට පෙර එය අලුත් වැඩියා කොට සහල් සැකසුම් කටයුතු ඇරැඹීමට නව අධ්යක්ෂ මණ්ඩලය සූදානම් වෙයි. සහල් සහ ධාන්‍ය පිටි කිරීමේ අලුත්ම යන්ත්‍ර රාශියක් තිබෙන සංකීර්ණයක්ද එම භූමියේ අතහැර දමා ඇත. එය ක්‍රියාත්මක කොට සමුපකාර හරහා පැකට් කළ සහල් සහ අනෙකුත් ධාන්‍ය පිටි පාරිභෝගිකයාට සාධාරණ මිලකට සැපැයීමට ඔවුන් සූදානම් වෙති. පළුගස්දමන සමුපකාරය සහ වලස්මුල්ල සමූපකාරය සතු බීජ වී සැකසුම් මධ්‍යස්ථාන හරහා බීජ වී ලංකාවේ ගොවියන්ට සාධාරණ මිලකට සැපැයීමට බලාපොරොත්තු වේ. මෙවැනි කටයුතු රාශියක් 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පෙළ ගස්වා ඇත.
වී සුරැකුම් ණය ක්‍රමයක්
ප්‍රදේශයේ ගොවියන්ගේ වී අස්වැන්න වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට ලබා ගෙන වී සුරැකුම් ණය මුදලක් ලබා දීමට මැදිරිගිරිය සමුපකාරය බලාපොරොත්තු වේ. මේ වන විට සමුපකාරය සතු වසා දමා ඇති වී ගබඩා අළුත් වැඩියා කිරීම මේ වන විටත් පටන් ගෙන ඇත. අලෙවි කරන මොහොතේ වී තොගයේ වටිනාකමින් 75% ක් ගොවියාට එකවර ලබා දීමටත්, ඊ ළඟ කන්නය ආරම්භ කරන විට රඳවාගත් 25% ක වටිනාකමට 10%-20% අතර පොලියක් සමග දෙවන ගෙවීමක් කිරීමටත් සමුපකාරය බලාපොරොත්තු වේ. සහල් සහ වී වෙළඳපලේ හිඟ වනවිට රඳවා ගත් වී අලෙවියෙන් ලබන අතිරික්ත ලාභය දෙවන වාරිකය සමග ගොවියන් අතර බෙදා දීමට සමුපකාරය සූදානම් වෙයි. මේ හරහා පොලොන්නරුවේ සහල් සහ වී මාෆියාව තරමක් දුරට පාලනය කිරීමට සමුපකාරයට හැකි වනු ඇත.
සමුපකාර පොහොර
මැදිරිගිරිය සමුපකාරය පොහොර සහ කෘෂි රසායනික වෙළඳසැලක් විවෘත කිරීමට අදහස් කරගෙන සිටී. ඔවුන් මේ වනවිටත් පොහොර සැපැයීම ආරම්භ කොට ඇති අතර ප්‍රදේශයේ අඩුම මිලට පොහොර සැපැයීමට සමුපකාරයට හැකියාව ලැබී ඇත. පෞද්ගලික පොහොර සැපැයුම් කරුවන්ට පවා සමුපකාර මිලට පොහොර අලෙවි කිරීමට සිදුවීම විශේෂත්වයකි. පොහොර මිල තවත් අඩු කරගැනීම සඳහා පොහොර ආනයනය කොට සමුපකාර සන්නාමය හරහා රට වටේ බෙදාහැරීමට පොහොර නිෂ්පාදනය කරන රටක් කැමැත්ත පල කොට ඇත. ඒ සඳහා ඔවුන් මොරවක් කෝරළේ තේ සමුපකාරය නිෂ්පාදනය කරන තේ “සමුපකාර තේ” (Coop Tea) සන්නාමය යටතේ ලබා ගැනීමට බලාපොරොත්තු වේ.
ජාතික ජන බලවේගය බලය ලබා ගෙන ඇති සමුපකාර සියල්ලම පාහේ මේ වනවිට මූල්‍ය ස්ථාවරත්වය අතින් යහපත් තත්වයක සිටී. ඔවුන් සියල්ලම කණ්ඩායමක් හැටියට වැඩ කිරීම තුළ මේ වනවිට සමුපකාරයෙන් ඈත් වී සිටින පාරිභෝගිකයා නැවත සමුපකාර වෙළඳසැල් කරා ක්‍රමයෙන් ඇද ගැනීමට අවශ්‍ය අලෙවි කරන ක්‍රම භාවිතා කිරීමට පටන් ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු සැසි ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට සියල්ල සූදානම් කොට ඇත.
2024 වර්ෂය සමුපකාරය නව මාවතකට යොමු කොට රටේ පාරිභෝගිකයා සහ දේශීය නිෂ්පාදකයා රැක බලා ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ජන බලවේගය බලය ලබා ගෙන ඇති සමිති 28 ඉතා හොඳින් කරගෙන යමින් ඇත. අනෙකුත් සමුපකාර නිලවරණ පැවත් වෙන්නේ නම් සංඛ්‍යාව තවත් වැඩි වනු ඇත.
ජාතික ජන බලවේගයට රටේ බහුතර ජනයා ආණ්ඩු බලය ලබා දුනහොත් ඔවුන් ඉතා සංවිධානාත්මකව එයද ඉටු කරනු ඇති බවට කිසිදු සැකයක් නැත. ඔවුන් සමුපකාරය ප්‍රතිසංවිධානය කරන ආකාරය එයට කදිම ආදර්ශයකි. රටේ බහුතර ජනයා මේවා දෙස අවධානය යොමු කරනු ඇතැයි මාගේ විශ්වාසයයි.
![](https://lankatruth.com/si/wp-content/uploads/2023/05/Mr-Shantha-Jayarathne-2023.05.27-1.jpg)
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
25.12.2023
shantha323@gmail.com