තම ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් විරුද්ධ වීම නිසා උසස් පෙළ සිසුවියක් ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
පෙරියකල්ලාරු ප්‍රදේශයේ 19 හැවිරිදි ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පැවසෙන්නේ.
එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු සමඟ පැවති ප්‍රේම සම්බන්ධය නවතා දැමීම සම්බන්ධයෙන් සිසුවියගේ දෙමාපියන් ඇයට බැණ වැදුණු බව සඳහන්.
ඒ පිළිබඳව ලිපියක් ලියා තබා ඇය සියදිවි හානිකරගෙන ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.