රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. ඩ්‍රෝන ප්‍රහාරයකින් ගබඩාවේ ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, ගින්න පාලනය කර ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා තහවුරු කර තිබේ.
රුසියාව ඊයේ යුක්රේනයට ඉහළින් ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කළේය. විදෙස් මාධ්‍ය පවසන්නේ අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය යා හැකි බවයි. මාස කිහිපයකින් මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.