වැලිබල් ෆිනෑන්ස්,ප්‍රබල වැලිබල් සමූහයේ සාමාජික ලෙස සිය අභිමානවත් නවතම
ආයතනික කාර්යාලය පසුගියදා විවෘත කරනු ලැබුවේ කොළඹ අග නගරයට නවමු ආකර්ෂණයක් එක් කරමිනි.
වැලිබල් ෆිනෑන්ස් සන්නාමයට තවත් ශක්තියක් අත්කර දෙමින් විවෘත වූ මෙම නවතම ආයතනික කාර්යාලය මූල්‍ය ක්ෂේත්රයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ අද්විතීය සංකේතයක්
බවට පත්වනු නොඅනුමානය.
වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රන්ගමුව සහ ආරම්භක
අධ්යක්ෂ අනුරාධ පෙරේරා යන මහත්වරුන් විසින් මෙම ආයතනික කාර්යාලය විවෘත කරනු ලැබූ අතර
ඒ සඳහා වැලිබල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්, අනුග්රාහකයන්,සේවක
මණ්ඩලය මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය.
2020 වසරේ මුල් භාගයේදී ඉදිකිරීම් ආරම්භ කළ වැලිබල් ෆිනෑන්ස් ආයතනික
කාර්යාලයට, වැලිබල් සමූහයේ සභාපති ධම්මික පෙරේරා මහතා සහ වැලිබල්
ෆිනෑන්ස් කළමනාකාර අධ්යක්ෂ ජයන්ත රන්ගමුව මහතා විසින් මුල් ගල තබන ලදී.
විවිධ අහියෝග මධ්‍යයයේ දැඩි කැපවීමෙන් කටයුතු කිරීම හේතු කොටගෙන වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඉතා සාර්ථකව ආයතනික කාර්යාලයේ වැඩ නිම කිරීම ඉදිකිරීම් ක්ෂේත්රය ද ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයකි. විශේෂයෙන් ඕනෑම
අවස්ථාවකට අනුවර්තනය වීමේ හැකියාව හා ශක්තිමත් මූල්‍ය කළමනාකරණයක්
වෙනුවෙන් වැලිබල් ෆිනෑන්ස් සතු හැකියාව හා ඊට සම්බන්ධ වූ සියලු පාර්ශවයන්ගේ නොමඳ කැපවීම මනාව ප්‍රදර්ශනය කරන කදිම නිදසුනක් ලෙසද පෙන්වා දිය හැකිය.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්හි කළමනාකාර අධ්යක්ෂ
ජයන්ත රන්ගමුව මහතා සඳහන් කර සිටියේ “ අපගේ සමාගමේ සුවිශේෂී ගමන
තුළින් සියලු දෙනාට පොදු කේන්ද්‍රස්ථානයක වැදගත්කම මනාව පෙන්වා දෙන අතර ඒ තුළින් පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාර වැඩි දියුණු කිරීමෙන්
නොනැවතී උපාය මාර්ගික තීරණ ගැනීමේ හැකියාව සළසා දෙනු ඇති බව මගේ
විශ්වාසයයි.” යනුවෙනි.
(උපුටාගැනීමකි)