රුසියානු Aeroflot ගුවන් සේවයේ සහය නියමුවා මියගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි.
63 හැවිරිදි සහය නියමුවා කටුනායක පීල්ලවත්ත ප්රදේශයේ ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ කාණුවකට වැටී ඇත. මරණයට හේතුව හෘදයාබාධයක් බවට සැකකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.
අද පස්වරුවේ රුසියාවේ මොස්කව් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වන Aeroflot ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණි.