මෙරට තුළ ස්ථිර නිවසක් නොමැති පවුල් සංඛ්‍යාව හත්ලක්ෂ අසූ නවදහස් දෙසිය හතළිස් දෙකක් (789,242) බවට නිවාස සංවර්ධන අධිකාරියේ දත්ත අනුව අනාවරණය වී තිබේ.
ඒ අනුව තාවකාලික සෙවිලි භාවිත කර ඉදි කර ඇති නිවාස සංඛ්‍යාව 486,426ක් බවද එහි සඳහන් වේ.
ස්ථිර නිවසක් නොමැති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් දැක්වීමේදී තාවකාලික නිවාසවල සිටින පවුල් සංඛ්‍යාව 278,192ක්ද, පොල් අතු සෙවිලි කළ නිවාසවල සිටින පවුල් සංඛ්‍යාව 44,419ක්ද, ඉඩමක් හෝ නිවසක් නොමැති පවුල් සංඛ්‍යාව 216,197ක්ද, ඉඩමක් තිබුණද නිවසක් නොමැති පවුල් සංඛ්‍යාව 166,841ක් ලෙස එම දත්ත අනුව සඳහන් කර ඇත.
මේ අතර පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර, මහනුවර සහ බදුල්ල යන ප්‍රදේශවල තාවකාලික සෙවිලි භාවිත කර ඇති නිවාස බහුල වශයෙන් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.