කැනඩාවේ පුරවැසිභාවය හිමි සික් ජාතික හර්දීප් සිංග් නිජාර් නම් පූජකයාගේ ඝාතනය පිටුපස ඉන්දීය නියෝජිතයන් සිටින බවට සැලකිය හැකි විශ්වසනීය හේතු පවතින බව කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ යළි ප්රකාශ කර තිබේ.
අගමැති ජස්ටින් ටෲඩෝ මීට පෙර එනම් පසුගිය සඳුදා මේ සම්බන්ධයෙන් පළමු වරට අනාවරණය කළ අතර එම ප්රකාශය පදනම් කරගනිමින් දෙරට අතර දැඩි රාජතාන්ත්රික අර්බුදකාරී තත්ත්වයක්ද හටගන්නා ලදී.
මේ වනවිට එම රාජතාන්ත්රික අර්බුදය වර්ධනය වෙමින් පවතින අතර දෙරට අතර විදේශ දූත ගණුදෙනුද නවතා දැමූ අතර ඉන්දියාව කැනඩා ජාතිකයින්ට වීසා නිකුත් කිරීමද නතරන ලදී.
මෙවන් පසුබිමක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර සිය ප්රකාශය යළි අවධාරණය කරමින් කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ තමා පෙර ප්රකාශ කළ පරිදිම ඉන්දීය රජයේ නියෝජිතයන් හර්දීප් සිංග් නිජාර් ගාතනයට සම්බන්ධ බවට විශ්වාස කළ හැකි තොරතුරු පවතින බව ප්රකාශ කර තිබේ.
විමර්ශන කටයුතුවල දී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇති බවද ඔහු එහිදී සඳහන් කර ඇත.