දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී එම බස් රථය ගිනි ගෙන ඇති බවයි.
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ එම බස් රථයේ සිටි මගීන් ගින්න හටගන්නවාත් සමග ඉන් පිටතට පැමිණ තිබෙනවා.
මේ හේතුවෙන් බස් රථයේ සිටි කිසිදු මගියෙකුට හානියක් සිදු නොවූ බවයි පොලීසිය පැවසුවේ.
ගින්න හට ගැනීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේ සිට කසාගල පිවිසුම දක්වා කොටස වසා දමා තිබුණා.
කෙසේවෙතත් බස් රථයේ හට ගත් ගින්න පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මේ වන විට නිවා දමා තිබෙනවා.