රතු මුහුදේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක හූති සටන්කාමීන් බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
මිසයිල ප්‍රහාරයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවට හානි සිදු වී ඇත.
යුද නෞකවට හෝ එහි සිටි ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන්ට හෝ අනතුරක් සිදු වී නැති බවත් එක්සත් ජනපද යුද නෞකාවක් මගින් පෙරළා පහර දී මිසයිල උඩු ගුවනේ දී විනාශ කර දැමා ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කරයි. මිසයිල ප්‍රහාරය එල්ල වූයේ එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. ලැබූන්’ යුද නෞකාවටය.
හූති සටන්කාමීන්, ඇමෙරිකන් නෞකා ඉලක්ක කර ගනිමින් මෙසේ පහර දී ඇත්තේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක් ව යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරවල ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.