කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබා දෙන ස්ටෙන්ට් (Stent) හිඟ වීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රෝගීන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවය.
මේ අනුව බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමටද සිදුව ඇති බව රෝගීන් සඳහන් කරන අතර ස්ටෙන්ට් යම් හිඟයක් පවතින බව ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ කියා සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කරන්නේ ස්ටෙන්ට් ගෙන්වීමට ඇණවුම් කර ඇති බවය