ප්‍රසංගයක් අතරතුර ඇමෙරිකානු ගායිකා Beyonce විසි කළ අව් කණ්ණාඩි යුගලයක් වෙන්දේසි කිරීමට නියමිතයි.
පසුගිය මාසයේ ලන්ඩන් නුවර පැවති Beyonce’s Renaissance World Tour ප්‍රසංගය අතරතුර ඇය සිය අව් කණ්ණාඩි විසි කළ අතර 20 හැවිරිදි තරුණයෙකු ඒවා අල්ලා සමාගමකට වෙන්දේසියට විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඔහු එම අව් කණ්ණාඩිය ඇමෙරිකානු ඩොලර් 20,000කට අලෙවි කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Beyonce විසින් විසි කරන ලද වීදුරු අදාළ සමාගම විසින් ජූලි 4 වැනිදා වෙන්දේසි කිරීමට නියමිත බවයි.