ජපානයේ නගෝයා හි රැඳවුම් මධ්‍යස්ථානයකදී මීට වසර දෙකකට පෙර මියගිය 33 හැවිරිදි විශ්මා සඳමාලිගේ ඥාතීන්ගේ නීතීඥයින් විසින් පසුගිය දින කිහිපයේ CCTV වීඩියෝව නිකුත් කර තිබෙනවා.
වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ චෝදනාව මත ඇය ආගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබුණි. නිලධාරීන් පැවසුවේ 2021 මාර්තු 6 වන දින සඳමාලිගේ සෞඛ්‍ය තත්වය හදිසියේම වෙනස් වූ බවයි.
ඇයගේ මරණයෙන් පසු විශ්මාගේ සහෝදරිය වන වයෝමි නිසම්සලා ජපානයට ගොස් ආගමන හා විගමන බලධාරීන්ට එරෙහිව නඩුවක් ගොනු කළාය.
තම සොහොයුරිය නිලධාරින් විසින් ඝාතනය කර ඇති බවට ඇය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ ගැන කතා කරන නිසංසලා කිව්වේ “මම හිතන්නේ මිනිසුන් මෙම වීඩියෝව නරඹලා තීරණයක් ගනීවී ඒක අපේ පවුලට කරපු ලොකු අසාධාරණයක් කියලා, ඒ වගේම මගේ සොහොයුරියටත් ලොකු අසාධාරණයක් වී ඇති බව ඔවුන් පිළිගනීවී.”
පසුගිය දින නිකුත් කල CCTV වීඩියෝව
මරණය පිළිබඳ අවසන් වාර්තාව (Video)