රුසියාවට ප්‍රහාරක අවි සැපයීමට ඊජිප්තුව රහසිගතව සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවට රොකට් අවි 40,000ක් සැපයීමට ඊජිප්තුව සැලසුම් කර ඇති බව වාර්තාවේ. අන්තර්ජාලයට රහසිගතව මුදා හරින ලද අමෙරිකාවට අයත් ඉතා රහසිගත දත්ත ගොනුවලින් මෙම හෙළිදරව්ව සිදුවූ බව ද විදෙස් මාධ්‍ය පවසයි.
රුසියාවට අවි සැපයීම සම්බන්ධයෙන් ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසී එරට ඉහළ පෙළේ හමුදා නිලධාරින් පිරිසක් සමග සාකච්ඡා කර ඇති බව ද එම ලේඛන මගින් අනාවරණ වී තිබෙනවා. එහිදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ රුසියාවට අවශ්‍ය කාලතුවක්කු උණ්ඩ සහ වෙඩි බෙහෙත් සැපයීමට බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කරන්නේ.
අදාළ රහසිගත දත්ත හරහා බටහිර රටවල් සමඟ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයන්ගෙන් මිදීම සඳහා ඒවා වසන් කරන ආකාරය පිළිබඳව ඊජිප්තු ජනාධිපතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.