නීති විරෝධී ලෙස ගිනි අවි සන්තකව තබාගත් සැකකරුවන් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ පස්සර ප්රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සන්තකව සිටි සැකකරුවෙකු කහටගස්දිගිලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, නෙකුටුනු වැව ප්රදේශයේදීයි. සැකකරු අද කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පස්සර, වැල්ගොල්ලගම ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්යබලකාය සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 35 හැවිරිදි සැකකරු බදුල්ල, වැල්ගොල්ලගම ප්රදේශයේ පදිංචිකරුවෙක්. එම සැකකරු අද පස්සර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.