ගාල්ල සිට මොරදාන දක්වා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේදී එන්ජින් මැදිරියෙන් පීලිපැනීමකට ලක්ව තිබේ.
අද (09) පෙරවරුවේ උතුරු කළුතර සහ අංක 1 දුම්රිය ස්ථාන අතර මාර්ගයේ මෙම සිද්ධිය සිදුව ඇති බව දුම්රිය නිලධාරීහු පවසති. දුම්රියේ එන්ජිම දුම්රියෙන් කැඩී කිලෝමීටරයක් පමණ ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ. පාලක මැදිරි කප්ලිමට ඉහලින් දුම්රිය එන්ජිමේ කප්ලිමට පැනීම නිසා මෙය සිදුව ඇති බව අනාවරණය වේ.
විනාඩි 15කට පසු යළිත් දුම්රිය අලුත්වැඩියා කර මොරදාන දෙසට ගමන් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.