ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවයට එක්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පසුගිය දා අම්පාර ගොනාගොල්ල හන්දියේදී විදුලිය හා ජල ගාස්තු ඉහළ දැමීම ඇතුළු ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
අම්පාර වෙල්ලාවෙලි පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරියේ යෙදී සිටියදී රාජකාරි විවේකය වාර්තා කර පිටවීමේ සටහනක් නොතබා සිවිල් ඇඳුමින් සැරසී රාජ්ය විරෝධී පෙළපාලියකට සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනය කර වැඩ තහනම් කර ඇත.