මොරටුව ප්රදේශයේ පෞද්ගලික ආයතනයකින් රුපියල් ලක්ෂ 33ක පමණ මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ආයතනයේම සේවය කළ අලෙවි නියෝජිතයෙක්.
එම ආයතනයට අයත් භාණ්ඩ ඔහු විසින් අඩු මිලට අලෙවි කර එම මුදල් වියදම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අතුරුදන්ව සිටි ඔහු පිළිබඳව විමර්ශන සිදු කිරීම සඳහා පොලීසිය කළ ඉල්ලීමකට අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට මොරටුව මහේස්ත්රාත් අධිකරණයෙන් අවසර ලබා දී තිබුණා.
ඒ අනුව, විමර්ශන ආරම්භ කළ පොලිසිය සැකකරුගේ සහෝදරියක් මාර්ගයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.