ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
බීමත් පුද්ගලයෙකු තම මිදුලේ වෙඩි තැබීමේ පුහුණුවීම්වල යෙදී සිටියදී අසල්වැසියෙක් තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඔහුට බාධා නොකරන ලෙසට පැවසීය.
එයට කෝප වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර ඇත.
වෙඩි තැබූ සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත්, එහිදී වයස අවුරුදු 8ක දරුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.