දශක තුනක කාලය තුළ යුරෝපයේ ඉහළම වාර්ෂික යුද වියදම් පසුගිය වසරේ වාර්තා විය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා. එම වියදම ඩොලර් ට්‍රිලියන 2.24 කි.
ස්ටොක් හෝම් ජාත්‍යන්තර පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව මෙය 13%ක වැඩිවීමකි.
2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුරෝපීය රටවල් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ආයුධ සහ හමුදා බලය ශක්තිමත් කිරීමට පියවර ගත්හ.
යුක්රේනයේ යුද වියදම් 640% කින් වැඩි වී ඇති අතර එය 1949 න් පසු ඉහළම වාර්ෂික වියදම් වේ.
කෙසේ වෙතත් බටහිර රටවල් ලබාදෙන සියලුම මූල්‍ය සහ යුධ ආධාර මෙයට ඇතුළත් නොවන බවද පැවසේ.