නීති විරෝධි සංක්රමණ වැළැක්වීම සඳහා වෙනම ඒකකයක් ක්රියාත්මක කර මාස තුනකින් ප්රගතිය වාර්තා කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ස්ත්රී – පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින්.
එම ඒකකය පිහිටුවීමෙන් සංචාරක වීසා මත ගොස් පසුව රැකියා වීසා ලබාගෙන සිදු කරනු ලබන වංචනික ක්රියාවන් වැළැක්විය හැකි බවයි එහිදී පෙන්වාදී ඇත්තේ.
2022 නොවැම්බර් මාසයේදී ඕමානයේ සිදුවූ බවට වාර්තා වූ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණා.