දික්වැල්ල දෙමටපිටිය කුමාරතුංග මාවත ප්රදේශයේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෝටර් රථයෙන් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගිය බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.