ශ්‍රී ලංකාවේ නාසා ආයතනය අඟහරු මත ඇති පාෂාණවලට සමාන පාෂාණ පිළිබඳව පර්යේෂණ ආරම්භ කර තිබේ.
මෙම පරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා ශ්‍රී ලාංකික විද්‍යාඥ සුනිති කරුණාතිලකයි.
ඔහු මේ වන විට නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ. මෙම පාෂාණ වර්ගය නීල ගරුඬ පාෂාණය හෝ චන්ද්‍රකාන්ත පාෂාණය ලෙස හැඳින්වේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය අඟහරු ග්‍රහයා මත හමුවන සර්පන්ටයින් පාෂාණයට සමාන බවයි.