කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිසුන් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 06 වැනිදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට සැකකාර සිසුන් විසින් පහරදීමෙන් එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.