නිරෝෂා තලගල කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇය මේ දිනවල පුංචි තිරයේ නිතර දකින්න ලැබෙනවා. මේ ටෙලිනාට්‍යයේ විවිධ චරිත හරහා. කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ සබීතා ලෙස වෙනස්ම චරිතයක් නිරූපණය කරන නිරෝෂා තලගලට බොහෝ දෙනෙක් කැමතියි.
මේ හැර බොනිකර තරු, දෙකඩ කඩ, අපි එක රෑනේ වැනි ටෙලිනාට්‍ය කිහිපයකම ඇයව දැකගත හැකිය. නිරෝෂා තලගල දැන් සොඳුරු දියණියකගේ මවක්. ඇයගේ කලා කටයුතුවලට සැමියා බොහෝ උපකාර කරන බවයි ඇය පවසන්නේ.
ඇගේ ජීවිතයේ තොරතුරු ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
”අපේ ප්‍රේමය පටන් ගත්තේ පාසල් කාලෙදිමයි. සම්බන්දෙ පටන් අරන් සති දෙකකට පස්සේ මට බෑ කියලා ලියුමක් අසේලට යැව්වා. අන්තිමට අසේලට මම නිසා නටන්නත් සිද්ද වුණා. අසේල නැටුම් පන්ති ආවා මාව බලන්න ඕන නිසා. අපි අවුරුදු 06ක් ආදරේ කරලා 2008 අවුරුද්දෙදි විවාහ වුනා….
අපි විවාහ වෙනකොට අසේලට රැකියාවක්වත් තිබුණෙ නෑ. ඉදිකට්ටක තරම් දෙයක්වත් අපි දෙන්නට තිබුණෙ නෑ. මම බය වුණේ ගෙදරින් අපේ සම්බන්ධයට අකමැති වෙයි කියලා. අපි විවාහ වෙලා අවුරුදු 11කින් තමයි අපිට දුව හම්බ වුණේ. එයා පොඩි කාලේ මම වැඩ වලට යනකොට ඇඩුවා. දැන්නම් එහෙම නෑ එයාට තේරෙනවනේ..”(උපුටාගැනීමක්)