කොළඹ ලිප්ටන් වටරවුමේදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පසුගිය 03 වනදා සිදුකළ උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට පදනම්වූ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.
අදාළ වාර්තාව ලබන 10 වනදාට පෙර ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම්දී ඇත්තේ.
අදාළ උද්ඝෝෂණය විසුරුවා හැරීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් පනතේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව ස්ව්යං මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.