ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන වෝටර් ජෙල් කූරු හතළිස් පහක් අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙය සිදුව තිබේ.
ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සහ පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී පොලිසිය වෙත භාරදුන් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.