පරවියන් සොරකම් කර කුරුල්ලන් මරා පුළුස්සා විනෝදයට ටික් ටොක් වීඩියෝ කළ තරුණයන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විත්තිකරු අදාළ වීඩියෝ පටය වට්ස්ඇප් හරහා පරවියන්ගේ හිමිකරුට යවා ඇත.
මේ සිද්ධිය අලූත්ගම දර්ගා නගරයෙනි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්ගම පොලිසියට කර ඇති පැමිණිල්ලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය 26 වැනිදා අලුත්ගම දර්ගා, ඉස්තාපුල්ලා පාර ප්රදේශයේ තිබූ පරවියන් සිටි කූඩුව කඩා මෙම ක්රියාව සිදු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18ක සහ 20ක තරුණයන් පිරිසක්. සැකකරුවන් තිදෙනා කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.