මව සහ දරුවන් දෙදෙනෙකු සිටි යතුරුපැදි අනතුරකින් එක් දියණියක් මිය ගිය පුවතක් වාර්තා වනවා.
එනම් කහටගස්දිගිලිය කුඩා පට්ටිය හන්දිය ප්රදේශයේ සිදුවූ සිද්ධියකින් 12 හැවිරිදි දැරියක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා තිබේ.
දැරියගේ මව ගමන් ගත් යතුරුපැදිය ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. ප්රදේශයේ පාසලක සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනකින් අනතුරුව අදාළ කාන්තාව සිය දියණියන් දෙදෙනා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මව සහ දැරියන් දෙදෙනා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ දැරියන් දෙදෙනාම ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිට නොමැති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මීට අමතරව කජුගම ප්රදේශයේදී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
අනතුරින් තුවාල ලැබූ 23 දෙනෙකු රෝහල් ගත කර ඇති බව සඳහන්.
අනතුර හේතුවෙන් කොළඹ ප්රධාන මාර්ගය කජුගම ප්රදේශයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසයි.