තමන්ට එල්ල වූ අපරාධ චෝදනාවලට අදාළ නඩු විභාගය වෙනුවෙන් නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම වාර්තා පැවසුවේ ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනා ගණන 34 ක් බවයි.
අධිකරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා කියවා ප්‍රකාශයට පත් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අධිකරණ කටයුතු අවසන් වූ සැනින් ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩා ප්‍රාන්තය බලා පිටත්ව ගිය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තමන්ට එල්ල වන චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසා ඇති ට්‍රම්ප් නීති සම්පාදකයින්ගේ ක්‍රියාකලාපය ද විවේචනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම තමන්ට එරෙහිව එල්ල චෝදනා දේශපාලන බලපෑම් මත සිදු කෙරෙන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එවැනි ක්‍රියා අමෙරිකාවට අපහාසයක් බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ට අදාළ නඩුවේ මීලග විභාගය ලබන දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ චෝදනාවලට මුහුණ දෙන බව ප්‍රකාශ කළ දින සිට, ඔහුගේ ඡන්ද ශ්‍රේණිගත කිරීම් ඉහළ ගොස් ඇති අතර ඔහුගේ ප්රචාරක ව්‍යාපාරය ඩොලර් මිලියන 10 කට වඩා වැඩි මුදලක් රැස් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා