පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, දූෂණ නඩුවකට පෙනී සිටීම සඳහා ඔහු ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.
ඔහුට එල්ල වී ඇති එක් චෝදනා වන්නේ ඔහු අගමැති ලෙස විදේශ රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී ඔහුට ලැබුණු ත්‍යාග සහ දීමනා අඩුවෙන් තක්සේරු කර ඉදිරිපත් කිරීමයි.
මේ අතර විශ්වාසභංගයකින් බලයෙන් පහකළ පළමු පාකිස්තාන අගමැතිවරයා ලෙස ඉම්රාන් ඛාන් ඉතිහාසගත වී තිබේ.
විපක්ෂය ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමෙන් පසු 2022 අප්‍රේල් 9 මධ්‍යම රාත්‍රියෙන් පසුව ඡන්ද විමසීම පැවැත්විණි.
ආසන 342 කින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 174 ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂ සමත් විය.
එය බහුතර ඡන්දයක් ලෙස ප්‍රකාශයට පත් විය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ පකිස්ථානය සහ එහි පාර්ලිමේන්තුව “අවසානයේ බරපතල අර්බුදයකින් නිදහස් වූ” බවයි.
ඉම්රාන් ඛාන් සාක්ෂි නොමැතිව කියා සිටියේ තමා විරුද්ධ ආන්ඩුවක් පිළි නොගන්නා බවත් රුසියාවට සහ චීනයට එරෙහි ප්රශ්නවලදී වොෂින්ටනය සමග සිටීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහු නෙරපා හැරීමට එක්සත් ජනපදය ප්රමුඛ කුමන්ත්‍රණයක් ඇති බවත් ය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය දියත් කරමින් සිටිය දී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට ඉම්රාන් ඛාන් මොස්කව් වෙත ගිය අතර බුෂ් පරිපාලනය ත්රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස හැඳින් වූ එය ඔහු විසින් කලින් විවේචනය කළේ ය.