බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් අද (21) හදිසියේම සිය ධූරයෙන් ඉල්ලා අස්විය.
ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
ඔහු බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. රාබ් සිය තීරණය සම්බන්ධයෙන් අගමැති රිශී සුනක් වෙත ලිපියක් යවා එය ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර ඇත.
එහි ඔහු පවසා ඇත්තේ තමාට එරෙහි විමර්ශනය භයානක පූර්වාදර්ශයක් බවයි. නමුත් ඔවුන් පවසන්නේ තමන් රජයට සහයෝගය දක්වන බවයි.