ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගත යුත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය, කලා නිර්මාණ ඔස්සේ ප්‍රකාශන සිදු කිරීමට ඇති අයිතිය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය බිළි දීමෙන් නෙවේ යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කරයි.
ඇය මේ බව පැවසූවේ ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ඊයේ (22) මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.
ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් එහිදී අවධාරණය කර තිබේ.