“කලාපීය සම්බන්ධීකරණය, විවෘත සංවර්ධනය, ජයග්‍රාහී අනාගතය” යන තේමාව යටතේ 2023 වසරේ සැප්තැම්බර් මස 3 වැනි දින යුනාන් පළාතේ කුන්මිං නගරයේදී පැවැති මෙම කාර්මික හුවමාරු සංවර්ධන සහ ගැළැපීම් ව්‍යාපෘති වැඩසටහන යුන්නාන්හිදී ජාතික මට්ටමෙන් පවත්වන ලද ප්‍රථම කාර්මික ගැළපීමේ වැඩසටහන ලෙස සැලැකේ.
යුවාන් බිලියන 396.6 ක් වටිනා ගිවිසුම් 382 කට අත්සන් කරන ලද එහිදී චීන යුවාන් බිලියන 10 කට වැඩි ආයෝජන සහිත යුවාන් බිලියන 100.8 ක් වටිනා ව්‍යාපෘති හයක් ද යුවාන් බිලියන 82.9 ක් වටිනා යුවාන් බිලියන 5 සිට බිලියන 10 දක්වා වූ ආයෝජන ව්‍යාපෘති 14 ක් ද අත්සන් කරනු ලැබිණී. නව බලශක්තිය, ජෛව වෛද්‍ය විද්‍යාව සහ නව ද්‍රව්‍යමය යනාදී නව කර්මාන්ත ක්ෂේත්‍ර මෙකී මුළු ආයෝජනයෙන් 60% කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කෙරේ.
කාර්මික හුවමාරුව සහ ගැළපුම් ක්‍රියාකාරකම් වල කේන්ද්‍රීය වේදිකාවක් ප්‍රවර්ධනය කිරීම පිණිස කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාශය සහ යුන්නාන් පළාත් රජය විසින් එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, යුන්නාන් පළාතේ සංසන්දනාත්මක ප්රතිලාභ හා කාර්මික ශක්‍යතාව ප්‍රයෝජනයට ගැනීම, ඇතැම් කර්මාන්ත ක්ෂේත්රවල දුර්වලතා හඳුනාගෙන එහි සැපයුම් දාමයේ රික්තකයන් ආමන්ත්‍රණය කිරීම, ශක්‍යතා කර්මාන්ත ක්ෂේත්රවල වටිනාකම් දාමය පුළුල් කිරීම, සාම්ප්‍රදායික කර්මාන්ත සංවර්ධනය කිරීම සහ නැඟී එන කර්මාන්තවල නව දාම පිහිටුවීම සඳහා අවධානය යොමු කිරීම යනාදිය එහි මුඛ්‍ය අරමුණු වේ. එමෙන් ම මෙකී වැඩසටහනේදී කාර්මික සැපයුම් දාම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා කර්මාන්ත ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් යුන්නාන් පළාත තුළ උසස් තත්වයේ නිෂ්පාදනයෙහිලා නව කඩඉමක් සහිත වර්ධනයක් ඇති කිරීමට ද අපේක්ෂා කෙරේ.
මෙම වැඩසටහනට සමස්ත ව්‍යවසායකයන්ගෙන් 3,100 කින් පමණ යුක්ත සමාගම් 2,066 ක් සහභාගී වෙන අතර ලෝකයේ සමාගම් 500 ක් (Global Fortunes 500) ද චීනයේ සමාගම් 500 ක් (Chinese Top 500 Enterprises) ද චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ සමාගම් 500 ක් (Chinese Top 500 Manufacturing Enterprises) ද චීනයේ පුද්ගලික සමාගම් 500 ක් (Chinese Top 500 Private Enterprises) ද යනාදියට අයිති සමාගම් 161ක් එකී ව්‍යවසායක සමූහය නියෝජනය කෙරේ. නිෂ්පාදන කර්මාන්තයේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයෝ වන සමාගම් 56 ක් ද ජාතික වශයෙන් පිළිගත් විශේෂිත නව්‍ය “කුඩා දැවැන්තයෝ” වන සමාගම් 100 ක් ද එකී කර්මාන්ත ක්ෂේත්රය නියෝජනය කරන ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෝ වන සමාගම් 156 ක් ද එහිදී නියෝජනය කරති.
යුන්නාන්හි යථා තත්ත්වය අවබෝධ කරගනිමින් මෙම වැඩසටහන “1+7+2” යනුවෙන් ක්‍රියාකාරකම් මාලාවක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එය ප්‍රධාන වශයෙන් විස්තීරණ ක්‍රියාකාරකමකින් සහ තේමා 7 ක් සහිත විශේෂ ක්‍රියාකාරකම් 18 කින් හා අතිරේක ක්‍රියාකාරකම් 2 කින් වර්ග කොට ඇත. එහිදී විශේෂ ක්‍රියාකාරකම් 18 ක් සංවිධානය කිරීමේ මූලික අරමුණු වන්නේ කාර්මික සැපයුම් දාමය ශක්තිමත් කිරීම වේ. එහිදී කර්මාන්ත ක්ෂේත්රය, ශාස්ත්‍රීය සහ පර්යේෂණ ආයතන අතර බද්ධ කරමින් අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම, නිෂ්පාදන අංශයේ දැවැන්තයන් සහ ඉහළ තත්ත්වයේ ව්‍යවසායකයන් අතර සබඳතා ගොඩනැඟීම, තොරතුරු තාක්ෂණය කර්මාන්ත ක්ෂේත්රය සමඟ සම්බන්ධ කිරීම, හරිත සැහැල්ලු ලෝහ ද්‍රව්‍ය කර්මාන්ත ක්ෂේත්රයේ හවුල්කාරිත්වය වර්ධනය කිරීම සහ බලශක්ති ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ සම්බන්ධතා ඇති කිරීමට පහසුකම් සැලසීම යනාදී ප්රමුඛ තේමාවන් වටා කර්මාන්ත ක්ෂේත්‍ර කේන්ද්‍රගත කිරීම වේ.
එමෙන් ම, “යුන්නාන් වෙත විද්වතුන්ගේ සංචාරය” සහ “යුන්නාන් වෙත ව්‍යවසායකයින්ගේ ගැඹුරු සංචාරය” යනාදී ක්‍රියාකාරකම් මඟින් නව බලශක්තිය, හරිත ඇලුමිනියම්-සිලිකන්, ජෛව නිෂ්පාදන, උසස් උපකරණ නිෂ්පාදනය වැනි ප්‍රධාන හා පොකුරු කර්මාන්ත දාමයන්ගෙන් පෝෂණය කිරීම කෙරෙහි ද මෙම වැඩසටහනෙන් අවධානය යොමු කෙරේ. මෙකී අධ්‍යයන ආයතන, ව්‍යවසාය සහ පළාත් පාලන ආයතන අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ නගර සහ කලාපවල ස්ථානීය පරීක්ෂණ, හුවමාරු කිරීම් සහ මඟ පෙන්වීම් යටතේ මෙය සම්බන්ධ වෙනු ඇත.