මේ වසර තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසයි.
මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මේ වසරේ මුල් කාලසීමාවේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 6,200ක පමණ පිරිසක් සේවය කර ඇති බවත් විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීම ද මේ වනවිට නැවතී ඇති බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් පවසයි.