මොළයේ උණ වැළඳී ඇති බවට සැක කරන ගාල්ල බන්ධනාගාර රැඳවියන් 08 දෙනකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසයි.
ගාල්ල බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි නැවියකු මොළයේ උණ වැළඳීමෙන් මියගිය බවට වාර්තා වීම නිසා එම බන්ධනාගාරයට යොමුකරණ රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියා මිය යෑමෙන් පසු තවත් රැඳවියන් අට දෙනකු උණ වැළඳීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටින බවත් ඔවුන් රෝහලේ සාමාන්‍ය වාට්ටුවල ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.