ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවට තිලිණයක් ලෙස ලබා දී තිබෙනවා.
BeechCraft KA350 ලෙස හඳුන්වන එම යානය නවීන ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානයක්.
එම ගුවන් යානය පිරිනැමීමට අදාළව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ලබා දී ඇති ලිපිය පසුගියදා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.