හයිඩ්රමනී ඇඟලුම් කම්හල් ජාලය මෙරටින් ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
එම ආයතනයට අයත් මීපේ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක් එම ස්ථානයේ බදු කාලය අවසන් වීම හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ තමන් ඇතැමුන් වරදවා වටහාගෙන ඇති බවත් අදාළ ආයෝජකයා රට හැර යාමට තීරණය කර නොමැති බවත්ය.