සුඩානයේ දැනට ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර දහස් සංඛ්‍යාත විදේශිකයන් පිරිසක් රට හැර යාමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය ජාතිකයන් Khartoum අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපළකට ගොස් සයිප්‍රසය හරහා නැවත එක්සත් රාජධානියට පැමිණීමට උත්සාහ කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට අමතරව සුඩානයෙන් පිටත් වීමට නියමිත ගුවන් යානාවල පුද්ගලයින් 230-240ක් පමණ ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට පෙර රටවල් 50කින් පුද්ගලයින් 2000ක් පමණ රතු මුහුද හරහා ජෙඩා වරායට පැමිණ ඇති බවයි.
සල්වැසි ඊජිප්තුව, ඉතියෝපියාව සහ දකුණු සුඩානය වෙත ළඟා වීමට සුඩාන ජාතිකයන් දස දහස් ගණනක් දිගටම උත්සාහ කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අගනුවර වන Khartoum හි පදිංචිකරුවන් තම නිවෙස්වල රැඳී සිටින නමුත් ආහාර සහ අනෙකුත් සැපයුම් අවසන් වී ඇති බව වාර්තා වේ.