කළුතර නගරයේ දුම්රිය මාර්ගය අයිනේ පිහිටි මහල් පහකින් යුත් තාවකාලික නවාතැනක තෙවැනි මහලෙන් වැටී සිටි පාසල් සිසුවියකගේ නිරුවත් මළ සිරුරක් සොයාගෙන තිබේ.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ (06) රාත්රියේ මෙම මළ සිරුර සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කළුතර, නාගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
පොලීසිය පැවසුවේ, අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් ඇය හඳුනාගෙන ඇති බවයි.
මෙම සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙකු සමග තාවකාලික නවාතැන්පලට පැමිණ තුන්වන මහලේ කාමර දෙකක් කුලියට ගෙන එහි පදිංචියට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සිසුවියගේ මළ සිරුර සොයා ගැනීමට ටික වේලාවකට පෙර ඇය සමඟ පැමිණි අනෙක් යුවළ නේවාසිකාගාරයෙන් පිටව ගොස් ඇති අතර ඇය සමඟ සිටි තරුණයා කාමරයෙන් පිටව ගොස් ඇති බවයි.
තරුණියගේ සිරුරේ ස්ථාන රැසක සීරීම්, කැපුම් සහ තුවාල සලකුණු දක්නට ලැබෙන බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන විමර්ශන රසායනාගාරයේ නිලධාරින් පරීක්ෂණ සිදුකරන අතර මහේස්ත්රාත්වරයෙකුගෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.