උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට මතුව ඇති ගැටලුව අද දිනයේදී විසඳෙනු ඇතැයි විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසල් ප්රේමජින්ත මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී උසස් පෙළ පිළිතුරු පත්‍ර විභාග ප්‍රමාදය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම මාස 2ක ප්‍රමාදයකින් ගැටලු රැසක් මතුව ඇති බව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී මතුවන ගැටලු මඟ හරවා ගැනිමට එක් වර්ෂයක සාමාන්‍ය පෙළ විභාගයක් නොපවත්වා සිටීමට නොහැකි දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එහිදී යෝජනාවක් ඉදිරිපත් කළා.
අධ්‍යාපන අමාත්‍යවරයා එම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවන බවයි.
ඒ සඳහා සමස්ත අධ්‍යාපන ක්රමයම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෙනස් කළ යුතුයි.