එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව වසන් කරමින් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයට ප්‍රවේශ කර ඇති බවත් ලෝකයේ සිදුවූ බිහිසුණුම මෙම නාවික අනතුරෙන් නෞකාවේ පටවා තිබූ මෙට්‍රික් ටොන් 28.7ක නයිට්‍රික් අම්ල ගිනිගෙන සාගර කලාපයට එකතු වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්තට පෙන්වා දී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් හානිකර ද්‍රව්‍ය දේශීය ජල තීරයට මුසු කරනලද විවිට නීතිපතිවරයා තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සියල්ලටම තමන් නිවැරැදිකරුවන් බව නෞකාවේ කපිතාන්වරයා සන දේශීය නියෝජිතයන් ඇතුළු විත්තිකරුවන් විවෘත අධිකරණයේ දී පැවැසීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය පවත්වමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඒ බව පෙන්වා දී තිබේ.
මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති හෙයින් නඩු විභාගය ආරම්භ නොකරන ලෙස විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ කරුණු ඉවත දමා නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත තීරණය කිරීමෙන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනයබ පවත්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එසේ පවසා ඇත.
වසර 2021 මැයි 19 වැනිදාත් ජුනි 02 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට අයත් දේශීය මුහුදේ දී ගිනි ගැනීමෙන් නැවේ තිබූ හානිකර ද්‍රව්‍ය දේශීය ජල තීරයට මුසු කරන ලදැයි සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරී පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 08ක් මත නීතිපතිවරයා නඩු පවරා තිබේ.
මෙලෙස චෝදනා ලැබ සිටින්නෝ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කළ ටික්ටිකාලෝ විමලි, නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා සමාගම, එහි අධ්යක්ෂවරුන් වන අර්ජුන ඉන්ද්‍රජිත්, තිසේරා හෙට්ටිආරච්චි, දේවින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, මිලින්ද තිසේරා ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි, අමින්ද ඉන්ද්‍රජිත් තිසේරා හෙට්ටිආරච්චි, පණ්ඩුක වීරසේකර සහ සංජීව ලක්ට්රිය සමරනායක නමැත්තන්ය.
විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීමට පසුගිය වසරේ සූදානම් වූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නගනු ලැබ ඇති චෝදනා නීති විරෝධී හෙයින් මෙම නොහැකි නඩුව ගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරුන් මූලික විරෝධතාව ඉදිරිපත් කළ අතර, එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය ඇපෑලක් ඉදිරිපත් කර ඇත.
එම ඇපැලද නිශ්ප්රහ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවෙන් අනතුරුව වසර 1,112ක පමණ කාලයකින් අනතුරුව මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබීය.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, අනුර මැද්දේගොඩ, අනිල් සිල්වා තම සේවාදායකයන්ට එරෙහිව නීතිපති ගොනු කර ඇති අධිචෝදනා පත්‍ර අභියෝගයට ලක් කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති හෙයින් එහි තීන්දුවක් ලැබෙන තෙක් තම සේවාදායකයන්ට එරෙහි අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය ආරම්භ නොකරන්නැයි ඉල්ලා ඇත. විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති විනිසුරුවරයා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර කියවා දී නඩු විභාගය ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විවෘත අධිකරණයේ විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා කියවා දුන් අවස්ථාවේ දී ඒ සියලු චෝදනාවලට තමන් නිවැරැදිකරුවන් බව ඔවුහු වෙන් වෙන්ව විවෘත අධිකරණයේ දී පවසා ඇත.
ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කර ඇති අතර නඩු විභාගය ආරම්භ කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සිය ආරම්භක දේශනය පවත්වමින් ලෝක ඉතිහාසයෙන් වාර්තා වූ මෙම බරපතළම නෞකා අනතුර හේතුවෙන් ලෝකයේ සමුද්‍ර පද්ධතීන් අතුරින් විශාලතම පරිසර හානියට ලක් වූ සමුද්‍ර පද්ධතිය ඇත්තේ ශ්‍රී ලංකාවේ බව අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවට එම තත්වය උදා වුයේ මෙම නඩුවේ සිටින විත්තිකරුවන්ගේ ක්‍රියා කලාපය නිසා බවත් ඒ බව තමා නඩු විභාගයේදී සාක්කි සහිතව ඔප්පු කරන බවත් සඳහන් කර ඇත. මාධව තෙන්නකෝන් මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා සාගර කලාපය තුළ විශාල පරිසර දූෂණයක් වූ බවද කරුණු සහිතව පෙන්වා දී තිබේ.
අනතුරට පත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය මුහුදු තීරයට තීරයට ප්‍රවේශ කරන අවස්ථාව වන විටත් අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන් දැන සිටි බවත් ඔහු ඒ බව දැන දැනම ඒ පිළිබඳ කරුණු වසන් කරමින් නොකාව මෙරටට අනන්‍ය මුහුදු සීමාවට රැගෙන විත් ඇති බවත් පෙන්වා දී ඇති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මෙම නෞකාවේ රැගෙන යමින් තිබූ මෙට්‍රික් ටොන් 28.7ක ධාරිතාවකින් යුත් අනතුරුදායක නයිට්‍රික් අම්ල ගිනි ගැනීමත් සාගරයට එකතු වී ඇතැයිද පෙන්වා ඇදී ඇත.
නයිට්‍රික් අම්ල සාගර ජලයට එකතු වීමත් සමඟ ඇතිවන භයානක තත්වය පිළිබද මෙන්ම එහි ප්ලාස්ටික් ඇතුළු අහිතකර ද්‍රව්‍ය සාගර ජලයට එකතු වීමෙන් පසු සාගර පද්ධතියට මෙන්ම මුහුදු ජීවීන්ටද විශාල වශයෙන් මාරාන්තික තත්වයක් උද්ගත වූ බවත් කරුණු සහිතව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් පෙන්වා දී තිබේ.
මෙම අනතුරෙන් පසු ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළට ගොඩ ගැසුණු අපද්‍රව්‍ය ඉවත් කර මුහුදු වෙරළ පිරිසුදු කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියට රුපියල් කෝටි 05කට අධික මුදලක් දැරීමට වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත. මෙම අවාසනාවන්ත ව්‍යසනයට මේ වනවිට වසර තුනක පමණ කාලයක් ගත වී ඇතත් එහි අතුරු ප්‍රතිවිපාක අද මේ වනතුරුත් ධීවර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් අත්විඳිමින් සිටින බව ඔහු කරුණු සහිතව පෙන්වා දී තිබේ. නෞකාවේ ගබඩා කර තිබූ විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්ලාස්ටික් ටොන් සිය ගණනක් මේ වනවිටත් ශ්‍රී ලංකාවේ වයඹ සහ බටහිර මුහුදු තීරෙවලට ගොඩ ගසන්නේ යැයිද පවසා ඇත.
මෙම ව්‍යසනයේ අතුරු විපාකවලට තවත් වසර ගණනාවක් යනතුරු විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු මුළු මහත් ලෝකයටම මුහුණු දීමට සිදුවන්නේ යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන්, නෞකාව ගිනි ගෙන විනාශ වීමෙන් පසු එහි තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මහ මුහුදට මුසු වීම නිසා විනාශ වී ගිය කොරල්පර, නෞකා සුන්බුන් අතරින් සොයාගත් රසායනික ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් කැබලි කෙරෙහි අධිකරණය සියලු දෙනාගේ අවධානයට යොමු කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩුව අප්‍රේල් පළමු වැනිදා සිට විභාග කිරීමට තීරණය කර ඇති විනිසුරු, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකරුවන්ට හා විත්තිකරුවන්ට නියම කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික්, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරුන් වන ප්‍රියංකා ප්‍රනාන්දු, මාටිස් අසීස්, සවිනි ඉද්දමල්ගොඩ, ගීතිකා මාන්නප් පෙරුම. අජර් අසාර් සහ පැතුම් බාලසූරිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනී සිටී.
විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සරත් ජයමාන්න, අනිල් සිල්වා, අනුර මැද්දේගොඩ, අශෝක වීරසූරිය, නීතීඥ නිපුන විමලසේකර පෙනී සිටී.