ලෝ ප්‍රකට ඇමරිකානු ගායිකා ටීනා ටැනර්ගේ අභාවයෙන් පසු ඇයගේ රසික රසිකාවියන් සිය ශෝකය ප්‍රකාශ කරමින් සිටියි.
83 වැනි වියේ පසුවන ඇය 2017 වසරේ සිට අසනීප තත්ත්වයෙන් සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
12 වතාවක් ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබූ ටීනා ටැනර් ප්‍රසංග වේදිකාවේ මෙන්ම චිත්‍රපට සංගීතයේද දස්කම් දක්වා ඇත. ගොවි පවුලක ඉපිද 1980 දශකයේ සංගීත ක්ෂේත්රයට පිවිසි ඇය රොක් ඇන්ඩ් රෝල් සංගීත ක්ෂේත්රයේ ජනප්‍රියම ගායිකාවක් බවට පත් වූවාය.