වසර තුනක පමණ කාලයක සිට බාල වයස්කාර හිමි නමක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති නාමක් හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පයාගල පොලීසිය පැවසුවේ, කළුතර – පයාගල – ගොරකදෙණිය විහාරස්ථානයේ දී 43 සහ 17 හැවිරිදි තුන් නමක් අත්අඩංගුවට ගත් බව ය.
ඒ සාමණේර හිමියන්ගේ මව කළ පැමිණිල්ලකට අනුවයි
සිද්ධියෙන් පසු විත්තිකරුවන් විහාරස්ථානයෙන් පලාගොස් ඇති අතර මැයි මස 04 වැනිදා නීතිඥයකු මාර්ගයෙන් කළුතර මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.
මේ අතර පලාගිය පූජකවරුන් තිදෙනෙකු පයාගල පොලිසියට භාර වූ අතර ඔවුන් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2021 වසරේ සිට විහාරාධිපති හිමි සහ අනෙත් දෙදෙනාම තම කුටි තුළදී භික්ෂුවට දිගින් දිගටම ලිංගික අතවර කළ බවට පැමිණිල්ලේ සඳහන් විය.
කෙසේ වෙතත් හිරිහැරයට ලක් වූ සාමණේර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමු කර වෛද්‍ය වාර්තා ලබා ගත්තා.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ මූලස්ථානය වෙත භාරදී ඇති බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කර ඇත.