පෞද්ගලික ආරවුලක් මත පහරදී තුවාල සිදු කර අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මිය ගොස් ඇත්තේ මැදවච්චිය, මනරම් හන්දිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (27) සවස මෙම තරුණයා කිහිප දෙනෙකුගේ ප්‍රහාරයකට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.
ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ශික්ෂණ රෝහලේම මහාචාර්ය ඒකකයේ 66 ශල්‍ය වාට්ටුවට ඇතුළත් කර ඇත.
ඔහු එම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරු 5.00 ට පමණ එම ඒකකයට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයකින් තරුණයාගේ ගෙලට සහ පාදයට පහර දී පළා ගොස් තිබෙනවා.
රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව කියනු ලබන අතර, එම අවස්ථාවේදී වෛද්‍යවරු වහා ක්‍රියාත්මක වූහ.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් පොලිසිය සහ අනුරාධපුර මූලස්ථාන පොලිසිය, මැදවච්චිය පොලිසිය එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.