රට බංකොලොත් බවට ප්‍රකාශ කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 300කට මදක් වැඩි ණය මුදලක් ලබා ගැනීමෙන් පසුව එම බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට ප්‍රචාරය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගෙන යන ක්‍රියාකාරීත්වය දැඩි ලෙස පහර එල්ල කර තිබේ.
පසුගිය 03 වෙනි දින සියත රූපවාහිනී නාළිකාව විකාශනය කළ සංවාදයකට එක් වෙමින් එක්සත් ව්‍යවසායකයින්ගේ සන්සදයේ සභාපති ටානියා අබේසුන්දර මේ පිළිබඳව කරුණු දැක්වූවා ය. රට බංකොලොත් නැති බවත් ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ආකාරයට රටේ සම්පත්, මුදල් සහ ඩොලර් ප්‍රමාණවත් තරම් පවතින බවත් අවශ්‍ය වන්නේ නිසි කලමනාකරණයක් බවත් ඇය අවධාරණය කළාය.
මෙසේ තිබියදී මෙරට සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මිලියනයකට ආසන්න පිරිසක් සිටි බවත්, මේ වනවිට ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් දක්වා බිඳ වැටීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ආර්ථික ක්‍රියාකාරීත්වය හේතු වී ඇති බවට ප්‍රබල චෝදනාවක් එල්ල කරනු ලැබීය.