යුක්රේනයට කැනේඩියානු ඩොලර් මිලියන 500ක යුද ආධාර පැකේජයක් ලබාදෙන බව කැනේඩියානු රජය පවසයි.
කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ මේ බව පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (10) කැනඩා අගමැති හදිසියේම යුක්රේනයට පැමිණියේය.
එහිදී එම දැනුම්දීම සිදුකර ඇති අතර යුක්රේනයට යුද ආධාර පැකේජයට අමතරව අවශ්‍ය මිසයිල ලබාදීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.