මේ මාසයේ අටවැනි වතාවටත් රුසියාව යුක්රේනයේ කියෙව් අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ඉන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ අතර අලුයම 2.30 ට ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නාද වීමට පටන් ගත් අතර එය පැය දෙකක් පුරා පැවතුනි.
ගුවන් ආරක්ෂක පද්ධති හරහා නගරයට පතිත වූ මිසයිලවල සුන්බුන් අහසින් පතිත වීම නිසා නිවාසවල ජනේලවලින් ඈත්ව සිටින ලෙස එරට රජය අනතුරු අඟවා තිබේ.
මිසයිලවල සුන්බුන් නගරයේ සත්වෝද්‍යානය ඇතුළු මධ්‍යම දිස්ත්‍රික්කවලට වැටී ඇති අතර, පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු සිවිල් වැසියන් සහ සටන්කාමීන් දහස් ගණනක් මිය ගොස් හෝ තුවාල ලබා ඇත.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්රේන ජාතිකයන් මිලියන 8.2ක් පමණ යුරෝපයේ සරණාගතයින් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.