ඊයේ (02) සවස සිදුකළ වැටලීමකදී අලුබෝමුල්ල, වාද්දුව, පානදුර උතුර පොලිස් වසම්වල රන් මාල කොල්ලකෑමේ නිරතව සිටි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුරවත්ත පදිංචි මුරවත්ත කබරයා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන 30 හැවිරිදි පුද්ගලයෙකි.
ස්ථාන කිහිපයක සීසීටීවී කැමරා නිරීක්ෂණය කිරීමෙන් පසු ත්රිරෝද වල කුලී ගමන් යන මුවාවෙන් තවත් පුද්ගලයකු සමඟ ත්රිරෝද රථ දෙවතාවක් දෙහිවල ප්රදේශයට ගොස් අතරමගදී ත්රිරෝද රථ රියදුරන්ට පහර දී තර්ජනය කර ත්රිරෝද රථ පැහැර ගත්තා.
පසුව ඔවුන් පානදුර උතුර, අලුබෝමුල්ල, වාද්දුව ප්රදේශවල මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල සොරකම් කිරීමට මෙම ත්රිරෝද රථ යොදා ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ලක්ෂ හතරක් පමණ වටිනා රන් මාල තුනක් සොයාගෙන ඇති අතර හෙරොයින් ග්රෑම් හයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.
මොහු දීර්ඝ කාලයක සිට මෙම රන් මාල කොල්ලකන අතර එම රන් මාල විවිධ පුද්ගලයන්ට අඩු මිලට අලෙවි කර ඇති අතර මෙම මුදලින් හෙරොයින් පානය කර ඇති බව පොලිසියට දැනගන්නට ලැබී ඇත.
සැකකරුවන් අද පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුු සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.