මිරිහාන ගල්වල පාර ප්රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය ප්රකාශ කළා. ඒ තියුණු ආයුධයකින් පහර දීමෙන් ය.
මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූයේ මිරිහාන ගල්වල පාර ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ගැටුමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.