උතුරු එංගලන්තයේ රොච්ඩේල්(Rochdale) නගරයේ අතුරු පාර්ලිමේන්තු මැති මැතිවරණයෙන් වාමාංශික මන්ත්‍රී George Galloway ගේ ජයග්‍රහණය මේ වන විට එරට තුල බරපතල දේශපාලන කුණාටුවක් බවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. එක්සත් රාජධානියේ මෙම සුප්‍රකට වාමාංශික පෞරුෂය, රට මුහුණ දී තිබෙන උග්‍ර ආර්ථික අර්බුධය මත නොව, පලස්තීනයේ ගාසා තීරයේ ඊශ්‍රාලය විසින් සිදු කරන දැවැන්ත ජන සංහාරය මත පදනම්ව සිදු කරන ලද මැතිවරණ ප්‍රචාරය ඔස්සේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කිරීමට මෙම අතුරු මැතිවරණයේ දී සමත් වී ඇත.
නව බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ(Workers Party of Britain) අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෝර්ජ් ගැලෝවේ මෙහිදී ඡන්ද 12,335ක් ලබා ගත් අතර ස්වාධීන අපේක්ෂකයෙකු වූ ඩේවිඩ් ටුලීට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 6,638කි. එහිදී තම පැරණි කම්කරු පක්ෂයේ නියෝජිත අසාර් අලි සිව්වැනි ස්ථානයට පත්විය.
” Keir Starmer මහතාණනි මේ ජයග්‍රහණය ගාසාව සඳහා ය,” යයි තම පැරණි මිත්‍රයා මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා අමතමින් නව පත්වූ මන්ත්‍රී George Galloway පැවසුවේ, මාස පහක් තුළ 30,000 කට වැඩි පිරිසක් මිය ගිය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටීම ප්‍රධාන ලේකම් වරයා මුලදී ප්‍රතික්ෂේප කිරීම හෙලා දකිමිනි.
“දැනට ගාසා තීරයේ සිදු වෙමින් පවතින දැවැන්ත මානව ව්‍යසනය සක්‍රීය කිරීමට, දිරිගැන්වීමට සහ වසන් කිරීමට ඔබ ඉටු කළ කාර්යභාරය සඳහා ඔබ ගෙවනු ලබන මිල ඉහල අගයක් ගනු ලබනු ඇත,” යයි ඔහු මාධ්‍ය අමතා පවසා සිටියේය.
එහි දී ඔහු ලේබර් සහ කොන්සර්වේටිව් යන දෙපිරිසටම ඊශ්‍රායලයට සහාය දෙන බවට චෝදනා කළේය. මේ වන විට හත් වතාවක් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වී ඇති George Galloway, ඉරාක යුද්ධය සම්බන්ධයෙන් එවකට අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් විවේචනය කිරීම නිසා ඔහුව කම්කරු පක්ෂයේන් නෙරපා හරින ලදී. මහා බ්‍රිතාන්‍යයේ රොච්ඩේල් (Rochdale) යනු මැන්චෙස්ටර් අසල හිටපු පැරණි කපු නිෂ්පාදනය සිදු කරනු ලැබූ නගරයකි. 2019 දී සිදු කරන ලද සංගණනයකදී එම ප්‍රදේශයේ ජනගහනයෙන් 5%ක ජනතාවක් අන්ත දුප්පත්කමෙන් ජිවත්වන ඉංග්‍රීසි කතා කරන ප්‍රදේශයක් ලෙස නම් කර ශ්‍රේණිගත කර ඇත.
පසුගිය මාසයේ කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෝනි ලොයිඩ්ගේ අභාවය හේතුවෙන් අතුරු මැතිවරණය පවත් වීමට තීරණය කරන ලදී. පසුගිය කාලයේ George Galloway විසින් එම නගරයේ මාතෘ සේවා යථා තත්ත්වයට පත් කිරීමට වෙනුවෙන්ද උද්ඝෝෂන මාලාවක් සිදු කළ නමුත්, පැහැදිලිවම ගාසා තීරයේ ජන සංහාරය ඔහුගේ මැතිවරණ සටන් පිටියේ ප්‍රධාන තේමා පාථය විය.
වර්තමානය වන විට ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටීම සඳහා දක්වා තම ස්ථාවරය මඳක් වෙනස් කලද ඔක්තෝබර් 7 දා හමාස් ප්‍රහාරයෙන් පසු ලේබර් පක්ෂය ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දුන්නේය. එහිදී පාලක කොන්සර්වේටිව් දේශපාලනය ද අබිබවා දක්ෂිණාංශික දේශපාලනය වෙත ඍජු හැරීමක් ගෙන ඇති ලේබර් පක්ෂයේ වත්මන් නායකත්වය, එරට තවත් වාමාංශික නායකයෙකු වන ජෙරමි කෝබින් යුදෙව් විරෝධියෙක් ලෙස චෝදනා කරමින් පක්ෂ මහලේකම් ධූරයෙන් පවා නෙරපා හරින ලද්දේ ඔහු පලස්තීන අයිතිවාසිකම් වෙනුවෙන් ඍජුවම පෙනී සිටීම නිසාවෙනි.
පැරණි කම්කරු පක්ෂයේ ලේකම් Keir Starmer විසින් ගාසාවට විදුලිය හා ජලය කපා හරින ලෙස ඉල්ලා සිටීම සියළු බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂ විසින් හෙලා දකිනු ලැබුවේ එය බරපතල ජාත්‍යන්තර මානුෂික නීතීන් පවා උල්ලංඝණය කිරීමක් ලෙස සලකමිනි. පසුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස්කරගනු ලැබුවේය. කෙසේවෙතත් පැරණි කම්කරු පක්ෂය තුල පලස්තීනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන මෙම බෙදීම වඩා හොඳින් ග්‍රහණය කර ගෙන ඇත්තේ විකල්ප වාමාංශික නායක George Galloway බව එරට දේශපාලන විචාරකයින්ගේ මතයයි.
“සියල්ලටම වඩා, අද සවස ලේබර් නිවහනේ තහඩු චලනය වී ඇති බව මට එහි ලේකම් ස්ටාර්මර් මහතාට පැවසීමට අවශ්‍යයි. මෙම චලනය අනාගතයේ විශාල නාය යෑමක් ඇතිවීමේ භූගෝලීය තහඩු සෙලවීමක් ලෙස හඳුනා ගන්නා ලෙස” මම ඔහුට කියනවා »යයි George Galloway තවදුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේය.